ඔබ කම්මැලියි කියා ඔබ පිළිගන්නේද..?


         පුද්ගල ජීවිතය පසුබෑමට ලක්වන ප්‍රධාන හේතුව වැඩ කල් දැමීමයි. මෙය පුද්ගලයා දුප්පත් වීමට ධනවත් වීමටත් බලපාන මූලිකම සාධකය කිවහොත් නිවැරදියි. බොහෝ විට නොයෙකුත් හේතූන් මත මිනිසුන් ඔවුන් විසින්ම හේතූන් සකසමින් වැඩ කල් දමයි.  නමුත් ඔබත් දන්නවා සාර්ථකවීමට නම් වැඩ කල යුතු බව.  


ඔබ මේ ගැන තනියම සිතා බලන්න. ඔබ කම්මැලි නම් ඔබ ආශ්‍රය කරන පුද්ගලයන්ද ඔබ වගේමය. දියුණු මිනිසුන් ක්‍රමයෙන් ඔබේ ඈත් වන බව ඔබ සිතුවාද? ඔබට දැනුනාද? සිතා බලන්න දියුණු පුද්ගලයන් ඇසුරු කරන්නේ දියුණු පුද්ගලයන්මය. දියුණු පුද්ගලයන් ඔබෙන් ඈත් වන නිසා ඔබට සාර්ථක වීමට ආදර්ශයට ගැනීමටවත් පුද්ගලයෙකු නොමැති බව  ඔබ සිතුවාද? 

    මේ වන විටත් මේ ගෙවී යන්නේ ඔබට දියුණු වෙන්න තිබෙන වටිනා කාලයයි. දුප්පතාට  මෙන්න ධනවතාට යන පාර්ශව දෙකටම තිබෙන්නේ පැය 24ක් දින 365 ක කාලයකි. මේ නිසා එක් පාර්ශවයක් දුප්පත්වීමටත් අනෙක් පාර්ශවයේ ධනවත් වීමටත් හේතුව කුමක්දැයි ඔබට දැනටමත් වැටහෙනවා ඇති.

    ධනවත් පුද්ගලයෙක් වැඩ කල්  නොදමන අතර එක් වැඩක් නිම කිරීමට නිශ්චිත කාලයක් පමණක් වැය කරයි. ඉලක්ක කරා වෙහෙස මහන්සි වෙයි. ඔබම සිතන්න නිතර වැඩ කල් දමන පුද්ගලයන්ට කාලය තිබෙන්නේ කෑමට, නිදාගැනීමට නිකරුණේ කාලය නාස්ති කිරීමට  පමණි. ඔවුන්ට තම හිතවතුන් සමග කාලය ගත කිරීමට, විනෝද වීමට, පොතක් කියවීමටවත් කාලය නොමැති තරම්ය.


ඔබටත් එය එසේම නේද? ඔබ ජීවිතය වෙනස් කරගන්න සිතුවාද? එහෙනම් දැම්ම වෙනස් වෙන්න උත්සාහ කරන්න .  එසේ නම් මේ පියවර අනුගමනය කරන්න. 

    1.  ඔබ මේ වෙනුවෙන් ලිවීමට හැකි පොතක් ගන්න.  රාත්‍රී නින්දට යෑමට පෙර හෙට දවසේ සැලැස්ම හදාගන්න. 

       2. ඔබට හෙට දවසේ කිරීමට තියෙන වැඩ ලැයිස්තුවක් ආකාරයට පොතක ලියන්න.
 එක් වැඩක් නිම කිරීමට ඔබ වැය කරන කාලය ඉදිරියෙන් ලියන්න.

      3. එක් වැඩක් නිම කිරීමට නියමිත කාලයට වඩා තත්පරයක්වත් වැය නොකරන්න. ඒ අනුව නියමිත එක් එක් වැඩ  කිරීමෙන් අනතුරුව වැඩ නිම කළ බවට මාර්ක් එකක් දමන්න.
















Comments

Post a Comment

Popular posts from this blog

සාර්ථකත්වය

IMPORTANCE OF EDUCATION