සාර්ථකත්වය

 

සාර්ථකත්වය


       

 ජීවිතයේ විඳින්න පුළුවන් ලස්සනම හැඟීම නිදහසයි. උත්සාහය අත් නොහරින තාක් ඔබ පරාජය වී නොමැති බව මතක තබාගන්න.  මිනිසුන් වෙලා ඉපදුන අප නිතරම ජීවිතයට හරවත් යමක් එකතු කර ගැනීම වැදගත්ය. මක්නිසාදයත් මේ ගෙවී යන්නේ අපේ ජීවිතයේ වටිනාම කාලය විය හැකිය. ඉතින් කාලයට අවශ්‍ය පරිදි අප ජීවත් නොවී, අපට අවශ්‍ය පරිදි කාලය හසුරවාගමු. පුද්ගලයා අරමුණු හා ඉලක්ක කරා තල්ලු කරන ගාමක බලවේගය දියුණුවයි. එයත් එක්තරා ආකාරයකට එන්ජීමක් කිවහොත් නිවැරදියි. බලගන්නවන්නේ නම් ක්‍රියාවක් කරනු ඇත. පුද්ගල ජීවිතය එසේය. 

    අභියෝග හෝ සම්මුති වලට මුහුණ දෙන විට පවා ඔබ ඔබේ වටිනාකම් පිළිබඳ විශ්වාසවන්ත සිටින්න. සැබෑ සාර්ථකත්වය ලැබෙනුයේ ඔබේ විශ්වාසයන් ප්‍රතිපත්ති සහ ඔබේ ක්‍රියාවන් පෙළගස්වා ගැනීම මගිනි. පසුබෑමකින් තොරව සාර්ථකත්වයක් ලැබෙන්නේ කලාතුරකින් කිවහොත් නිවැරදියි. ජීවිතයේ සාර්ථකත්වය  කරා හඹා යන මාවතේ කඩා වැටීම් අභියෝග ජයගන්නා ආකාරය මත ඔබේ සාර්ථකත්වය තීරණය වේ. 

    ඔබ ජීවිතයේ හැරුම් හරහා ගමන් කරන විට සෑම උත්සාහයකම ප්‍රීතිය, අරමුණු ඔබට ලැබේවා. සැබෑ සාර්ථක  ජීවිතයකට යතුරු පවතින්නේ ඔබ තුලම බව සිහිය තබා ගනිමින් සෑම මොහොතක්ම ධෛර්යයෙන් සහ සුබවාදීව වැලඳගන්න.

Comments

Post a Comment

Popular posts from this blog

IMPORTANCE OF EDUCATION